
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් ලබාදෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) ප්‍රකාශ කර තිබේ.
ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම හේතුවෙන් 2023 ආසියානු කුසලානය අමතක නොවන සංදර්ශනයක් බවට පත්කර ගැනීමට හැකිවූ බව අදාළ ප්‍රකාශයේ සඳහන් වේ.
තණතීරු සහ ක්‍රීඩා පිටි මනාව පවත්වාගෙන යමින් ත්‍රාසජනක ක්‍රිකට් ක්‍රියාදාම වෙනුවෙන් වේදිකාව සැකසීමට ඔවුන් කැපවුණු බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart