
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබේ.
පසුගිය වසරේ මුල් මාස හතර සමග සංසන්දනය කර බලන විට විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 11.4කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කර බලන විටදී මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගොස් ඇත.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 10,807ක මුදලක් විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇත.
ඇමැතිවරයා අමාත්‍යාංශය භාරගත් අවස්ථාව වන විට විදේශගත ශ්‍රමිකයන් මාසිකව මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart