
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ඕමානයේදී සිය කාර්ය මණ්ඩල නිලධාරිනියකට පහරදී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකශ කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ,
“ආරක්ෂිත නිවස්නයේ රැඳවියන් 70ක් සිටි අතර, ඉන් 10දෙනකු පමණ නීති විරෝධී ලෙස පිටව ගොස්, 2023 මැයි 08 වන දින තානාපති කාර්යාලය ඉදිරිපිට ප්රචණ්ඩ විරෝධතාවක් ආරම්භ කර, තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කාන්තා කාර්ය මණ්ඩල නිලධාරිනියකට ශාරීරිකව හානි කිරීමට උත්සාහ කර ඇත.” යනුවෙනි.
තානාපති කාර්යාලයේ ආරක්ෂකාගාරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට අයහපත් ලෙස සැලකූ බවට සමාජ මාධ්‍යවල මෑතක දී සංසරණය වූ වීඩියෝ පට ගැන සඳහන් කරමින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, නීති විරෝධී ලෙස ආරක්ෂිත නිවසින් පිටව යන කිසිදු ගෘහ සේවිකාවක් නැවත බාරනොගන්නා බවයි.
එසේම කාර්ය මණ්ඩලයට වාචිකව හෝ ශාරීරිකව බලපෑම් එල්ල කරන හෝ විරෝධතාවල නියැලී රජයේ දේපළවලට අලාභ හානි සිදු කරන ගෘහ සේවිකාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද තානාපති කාර්යාලය අවධාරණය කරයි.
“නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සහාය පතා තානාපති කාර්යාලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ආරක්ෂිත නවාතැන්, ආහාර සහ ඖෂධ ලබාදෙමින් සිටිමු” යැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart