
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැදපෙරදිග කලාපයට(ගාසා තීරයට)ඉක්මන් සහ මානූෂීය සටන් විරාමයක් ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියකදී මෙම යෝජනාව ඉදිරපත් කර ඇත.
මෙම සැසියට සහභාගිවූ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් 193 අතුරින් යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබේ.
රටවල් 45ක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති අතර ශ්‍රී ලංකාව යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත.
විපක්ෂව ඡන්දය ලබාදුන් රටවල් අතර ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ වේ.
මේ වන විට හමාස් සංවිධානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් 1400ක් පමණ මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලින් පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart