
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු, ආයෝජන මණ්ඩලය (BOI) විසින් අමෙරිකානු ඩොලර් මිලියන 650ක් වටිනා ව්‍යාපෘති 64ක් අනුමත කර ඇති අතර, දැනට ලැබී ඇති ආයෝජන යෝජනාවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ව්‍යාපෘති අනුමත කිරීම් විධිමත් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගෝලීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ප්‍රවර්ධනය කිරීම මගින් කාර්මික ආයෝජන වේගවත් කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මෙම ආයෝජන ප්‍රයත්නයන්ගේ කොටසක් ලෙස, චීන ව්‍යාපාරික නියෝජිතයෝ පිරිසක් පසුගිය (28) වැනිදා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පැමිණියහ.
එහිදි වාහන එකලස් කිරීම, රබර්, රසායනික ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය සහ ඛනිජ පදනම් කරගත් කර්මාන්ත ඇතුළු අංශවල ආයෝජනයන් පිළිබඳව සාකච්ඡා කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
චීන නියෝජිතයන් පිරිස කෘත්‍රිම බුද්ධිය(AI), රොබෝ විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන වැනි අනාගත කේන්ද්‍රීය ක්ෂේත්‍ර කෙරෙහි ද උනන්දුව පළකර ඇත.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සහ පෞද්ගලික අංශයේ කොටස්කරුවන්ගේ නියෝජිතයින්ද චීනය නියෝජනය කරමින් ලියු චුන් (උප සභාපති, CCCME) සහ නාන් යී (උප සභාපති, CICCPS) ඇතුළු ව්‍යාපාරිකයන් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.
සති දෙකක ගවේෂණාත්මක සංචාරය තුළින් චීන නියෝජිත පිරිස, යෝජිත ආයෝජන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශයට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart