
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොච්චියාගම වල්පලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්අට හැවිරිදි සිය සැමියා නිවසට පැමිණ තමාට නිතර සිදුකරන බව කියන පහරදීම් ඉවසා දරාගත නොහැකිව ඔහුව ඝාතනය කළ බවට සැකපිට නොච්චියාගම පොලිසිය විසින් පෙරේදා (07 දා) රාත්‍රී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.
නොච්චියාගම, වල්පලගම පදිංචිව සිටි ඩබ්ලිව්.ඇම්. රොෂාන් කුමාර නමැති අය මෙසේ ඝාතනය කර ඇති බව නොච්චියාගම පොලිසිය පවසයි.
සිය සැමියා බීමත්ව පැමිණ තමාට පහරදෙන බවට පෙරේදා (07 දා) රාත්‍රී 7.15 ට සැකකාරිය විසින් පොලිස් මූලස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබිණි.
ඉන් පසුව සැකකාරිය විසින් නැවත රාත්‍රී 9.25 ට පමණ නොච්චියාගම පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී සිය සැමියා මියගොස් ඇති බව දැනුම් දී ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් තිබේ.
නිවෙස පරීක්ෂා කිරීමේදී හතළිස් දෙහැවිරිදි බිරිඳ සිය සැමියාගේ මුහුණ රෙදි කැබැල්ලකින් තද කරගෙන සිටින අයුරු නිරීක්ෂණය කොට ඇත.
අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි.
මේ පිළිබඳව නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart