May 17, 2025

ශ්‍රී ලංකාවේ මරණ සඳහා දෙවැනි ප්‍රධාන හේතුව මාර්ග අනතුරු බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රෑන්ච් පවසා තිබේ.

“මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සෞඛ්‍ය හා සංවර්ධන අත්‍යවශ්‍යතාවක් පමණක් නොවෙයි – එය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ද කේන්ද්‍රීය වනවා,” යැයි ෆ්‍රෑන්ච් 2025 එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතිය සඳහා සිය පණිවිඩය මගින් සඳහන් කළේය.

“ආරක්ෂිත මාර්ග මඟින් මිනිසුන්ට බියෙන් තොරව ගමන් කළ හැකි, පවුල් ආරක්ෂා වන සහ දරුවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඔවුන්ගේ ප්‍රජාවන් හරහා ආරක්ෂිතව ගමන් කළ හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට උපකාරී වනු ඇත.” යනුවෙන් ද එහි සඳහන් වේ.

රියදුරු හැසිරීම් වැඩිදියුණු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ මාර්ග ආරක්ෂණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්මක් තීරණාත්මක ඉදිරි පියවරක් බව ඔහු පැවසීය.

“අපි එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතිය සනිටුහන් කරන විට, ආරක්ෂිත මාර්ග, ආරක්ෂිත වාහන සහ ආරක්ෂිත හැසිරීම් සඳහා කැප වෙමු. අපගේ මාර්ගවල අහිමි වන ජීවිත ඕනෑවටත් වඩා වැඩිය.” යනුවෙන් ද එහි සඳහන් වේ.