
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නීති සම්පාදකයෙකු සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පර්යේෂකයෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වූ පුද්ගලයෙකු ඇතුළුව, චීනය වෙනුවෙන් ඔත්තු බැලීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය පොලිසිය චෝදනා එල්ල කර තිබේ.
එලෙස චෝදනා එල්ල වී ඇත්තේ අවුරුදු 32 සහ 29 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිල රහස් පනත උල්ලංඝනය කරමින් චීනයට අගතිගාමී තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුවන්ට එල්ල වී ඇත්තේ ඉතා බරපතල චෝදනා බැවින් ඒ පිළිබඳ සිදු කරන පරීක්ෂණ අතිශය සංකීර්ණ බව මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත මර්දන විධානයේ ප්‍රධානී කමාන්ඩර් ඩොමිනික් මර්ෆි පැවසීය.
කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, චීනය බ්‍රිතාන්‍යයේ බුද්ධි තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම ගොතන ලද එකක් බවයි.
ඒ සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන අතර චීන විරෝධී දේශපාලන ක්‍රියා නවත්වන ලෙසත් එවැනි ඒකපාර්ශ්වික දේශපාලන විකාරරූපී ක්‍රියා නතර කරන ලෙසත් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් පිළිබඳව යුරෝපය පුරා දැඩි කණස්සල්ලක් සහ විරෝධයක් ඇති වී ඇති පසුබිමක් තුළයි.
බ්‍රිතාන්‍යය ඉකුත් දිනවල ඒ සම්බන්ධයෙන් වැඩි වශයෙන් විරෝධය එල්ල කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart