
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැයි 12 වැනි දින මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකය තරුණියක අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්සත් රාජධානියේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) මෙරට බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.
තායිලන්තයේ බැංකොක් සිට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එන ලද කුෂ් කංසා විශාල තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
රේගු නිලධාරීන්ට අනුව, රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර ඇස්තමේන්තුගත වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 460 කි.
අත්අඩංගුවට ගත් තොගය සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදෙන ලදී.
ශ්‍රී ලංකා රේගුවට අනුව, මෑත කාලයේ ශ්‍රී ලංකාවේදී සොයාගත් විශාලතම කුෂ් කංසා තොගයක් ලෙස මෙය ලෙස සැළකේ.
ඩේලි මේල් UK පුවත්පතට අනුව, ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති බ්‍රිතාන්‍ය කාන්තාවට එක්සත් රාජධානියේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය, ඇයගේ පවුලේ අය සහ බලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට සහාය දක්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart