August 1, 2025
ලෝකයේ ප්‍රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල්  සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා  සාර්ථකව නිමා විය.
ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරයන් සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුනු අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
තවද මෙම මෙම වැඩසටහන ඔස්සේ තෝරාගත් නවෝත්පාදන ව්‍යාපාර පහක ව්‍යවසායකයන් සදහා ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි  Uber සමාගමේ තාක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණූ අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාවක් විවර කර දීම සුවිශේෂ කරුණකි.
මෙවර ‘Uber Springboard 2025 ‘වැඩසටහන, පුළුල් ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාප්ත කරමින් සංවිධාය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන සඳහා ව්‍යාපාර 25කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ විය.
මේ අතරින් Uber සමාගමේ උසස් නිළධාරින් සහ විශේෂඥයින් විසින් ඉහළ ප්‍රමිතියන් සහිත ව්‍යාපාර පහක් තෝරා ගන්නා ලදී.
මේ පිලිබදව අදහස් දක්වමින්,ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ,එරංග වීරරත්න පැවසුවේ  “Uber Springboard 2025 වැඩසටහන ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවක් විවර කර දී ඇති බවයි.
මෙම වැඩසටහන රජය හා පුද්ගලික අංශය අතර පවතින සම්බන්ධතාවය සදහා හොදම නිදසුනක් බව ද ඔහු පැවසුවේය.
Uber Springboard 2025 වැඩසටහන මගින්  තෝරාගත් ව්‍යාපාර,
•AnyBanq.lk -ඩිජිටල් බැංකු සේවා වෙළඳපොළක්. පරිශීලකයින්ට බැංකුවල මූල්‍ය නිෂ්පාදන සංසන්දනය කර අයදුම් කිරීමටත්, බැංකුවලට ගනුදෙනුකරුවන් ඩිජිටල්කරණයටත් උපකාරී වෙයි.
• PayMedia – බැංකු, මූල්‍ය, විදුලි සංදේශ හා නවෝත්පාදන අංශවල ගෙවීම් විසඳුම් සපයන Fintech සමාගමක්.
•Helios P2P – ණය ගන්නන් හා දෙන්නන් සම්බන්ධ කරන peer-to-peer ණය වේදිකාවක්.
•Articom – ව්‍යාපාරවලට බුද්ධිමත් පාරිභෝගික සහායකයින් නිර්මාණය කිරීමට උපකාර වන AI වේදිකාවක්.
• Ceylon Speechie – ඔටිසම් රෝග තත්ත්වයෙන් පසුවන දරුවන් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ කථන  චිකිත්සක ප්‍රතිකාර සේවාවන් වෙත යොමුවීමේ පහසුකම සපයනු ලබන අවකාශයකි.