
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රේගුව විසින් මේ වසරේ මැයි 26 වැනිදා සිට දේශසීමා ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නිෂ්කාශනය කිරීම හදිසියේ නවතාදැමීම හේතුවෙන් වාහන සිය ගණනක් නිදහස් නොකර පවතින බව වාර්තා වේ.
මෙම පියවර වාහන ආනයන කර්මාන්තයේ පැවැත්මට බාධා එල්ල කරමින් පවතින අතර, ඒ ඔස්සේ ආනයනකරුවන්ට වැඩිවන ප්‍රමාද ගාස්තු සහ සැලකිය යුතු මූල්‍ය අවිනිශ්චිතතාවයකට මුහුණදීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයට අනුව දැනට වාහන 200-300ක් පමණ වරායේ සිරවී තිබෙන අතර, තවත් 300ක් පමණ නිදහස් කිරීමේ ක්‍රියාවලියේ පවතී.
2013 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනයක වගන්තියක් බලාත්මක කිරීමට රේගුව ගත් තීරණය හේතුවෙන් මෙම හදිසි අවහිරය ඇති වී තිබේ.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මැයි 26 වැනිදා සිට ශ්‍රී ලංකා රේගුව වාහන නිශ්කාශනය අවහිර කර ඇති බව සහ 2013 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් සඳහන් කරමින් ශ්‍රී ලංකා රේගුව දැන් මෙම ක්‍රියාවට යොමුවූයේ ඇයි දැයි නොදන්නා බවයි.
අත්හිටුවීම සිදුකර ඇත්තේ අංක 1804/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මත පදනම්ව වන අතර, එම ගැසට් පත්‍රයේ ඉංග්‍රීසි අනුවාදයට අනුව ආනයන ලියකියවිලි “අපනයන රටෙහි අනුරූප බැංකුවකින්” මුද්‍රා තැබීම අවශ්‍ය වේ.
කෙසේවෙතත්, වාහන ආනයනකරුවන් තර්ක කරන්නේ, මෙම අර්ථ නිරූපණය නීතිමය පරස්පරතා සහ දිගුකාලීන වාණිජ භාවිතයන් යන දෙකම නොසළකා හරින බවයි.
එමෙන්ම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකරන ලද ලිපියක වාහන ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ, එම ගැසට් පත්රයේම සිංහල අනුවාදයේ කිසිදු භූගෝලීය සීමාවකින් තොරව “අපනයන නියෝජිත බැංකුව” ලෙස දක්වා ඇති බවයි..
නීතිමය කටයුතුවලදී සාමාන්‍යයෙන් සිංහල භාෂාව පිළිගන්නා බැවින්, ඉංග්‍රීසි පාඨය මත රේගුව කටයුතු කිරීම ප්රශ්නකාරී බව ඔවුහු තර්ක කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart