
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ සහ රථ වාහන වැරදි පාලනය කිරීමේ අපේක්ෂාවෙන් බස්නාහිර පළාත් උතුරු දිසා රථ වාහන කොට්ඨාසය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී එකම අංකය සහිත එකම වර්ගයේ සෑම අතින්ම එක හා සමාන සුඛෝපභෝගී ජිප් රථ දෙකක් සොයාගැනීමට සමත්ව ඇත.
මෙම ජීප් රථ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඊයේ (11) එම රථ දෙක රැගෙන ගොස් තිබිණි.
මෝටර් රථ පරීක්ෂකවරු එම රථ දෙකම දැඩි පරීක්ෂාවකට ලක්කර අධිකරණයට ඉදිරිපත් කිරීමට වාර්තාවක් ද ලබාදී ඇත.
මෙම රථ දෙකෙන් පළමු රථය පොලිසියට හසුවන්නේ පසුගිය 05 වෙනිදාය.
බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ගේ උපදෙස් මත මෙදින රාත්‍රී කාලයේ රථ වාහන අංශයේ නිලධාරීන් මුළු බස්නාහිර පළාතම ආවරණය වන පරිදි මෙහයුමක නිරතව සිට ඇත.
මීගමුව පාරේ වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගන්නා වාහන අහඹු ලෙස පරීක්ෂාවක් පොලිස් නිලධාරීන් සිදුකර තිබේ.
එම පරීක්ෂාවට දකුණු පළාතේ ලියාපදිංචි කළ සුදු පැහැති ප්‍රාඩෝ ජිප් රථයක් ද අයත්ව තිබී ඇත.
මෙම ජීප් රථය පදවාගෙන පැමිණ ඇත්තේ රාගම බටුවත්තේ පදිංචි මුදල් පොළියට දීම සහ වාහන උකසට ගන්නා පුද්ගලයකු විසිනි.
ආදායම් බලපත්‍රය හැරුණු කොට මෙම ජීප් රථයේ සෙසු ලියකියවිලි එම අවස්ථාවේදී වාහනය පදවාගෙන පැමිණි අය සතුව තිබී නැත.
ආදායම් බලපත්‍රය තිබී ඇත්තේ ගාල්ලේ පුද්ගලයකුගේ නමිනි.
එහිදී ඇතිවූ සැකය මත වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මාස කිහිපයකට පෙර මෙම වාහනය රුපියල් ලක්ෂ 25කට තමා උකස් ගත් බවයි.
එය උකසකට තැබූ පුද්ගලයා උකස බේරාගෙන වාහනය රැගෙන යෑමට නොපැමිණි බැවින් තමා එය පරිහරණය කරන බව ද තොරතුරු විමසීමේදී ඔහු පවසා තිබුණේය.
මෙම වාහනය ගැන පැවසූ එම තොරතුරුවලින් සෑහීමට පත්නොවූ බැවින් වාහනය පොලිස් භාරයට ගෙන ඇත.
අනතුරුව එම ප්‍රාඩෝ රථය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට දැනුම්දී ලියාපදිංචි අංකය ලබාදී පරීක්ෂා කිරීමේදී, එම අංකයට අදාළ වාහනයේ හිමිකරු ගාල්ලේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් බව හෙළිවී තිබේ.
ව්‍යාපාරික ස්ථානයක නමකින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි තොරතුරු ඇතත් අල්ලාගත් වාහනයේ හිමිකරු බව සඳහන් කර තිබුණේ ගාල්ලේ පදිංචි අනුර නමැති අයෙකි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව වාහනයේ පැහැය වර්ගය ආදී සෑම දෙයක්ම පොලිස් භාරයේ ඇති වාහනයට සමාන වූවත් වැඩිදුර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කරන බස්නාහිර පළාත් උතුරු දිසා රථ වාහන කොට්ඨාසයේ නිලධාරීන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති වාහනය සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බැලීමක් කර තිබේ.
එහිදී පෙනී යන්නේ පොලිස් භාරයේ ඇති වාහනයේ අංකයෙන්ම එකම වර්ගයේ වාහනයක් ගාල්ලේ ඒ වන විට ඇති බවය.
එම වාහනය ද බස්නාහිර පළාත් උතුරු දිසා රථ වාහන කොට්ඨාසයේ නිලධාරීන් කොළඹට ගෙන්වාගෙන එය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර ඇත්තේ නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා නිසි ලෙස ලියාපදිංචි කර ඇති වාහනය කුමක් දැයි හඳුනාගන්නටය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart