June 4, 2025

කුෂ් ගංජා ග්‍රෑම් 366 ක් සමඟ කාන්තාවක්ද, එම මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය වීම සම්බන්ධයෙන් පිරිමියකුද, කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත, ගුවන්තොටුපොළ පැමිණීමේ විවේකාගාරයේදී සිදුකරන ලද වැටළීමකින් පසුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලම්පිටියේ පදිංචි 31 හැවිරිදි අයකු වන අතර කාන්තාව අංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු වේ.

කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.