
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරිඳිඔයේ සැඩ ජලපහරට හසුවී මියගිය වන අලින් දෙදෙනකුගේ මළසිරුරු ඊයේ (10) සහ පෙරේදා (09) තෙළුල්ල ගම්වාසීන්ට හමුව ඇත.
සැඩ ජලපහරට හසුවී ගසාගෙන ගොස් කෝසුවක සිරවී මියගිය මෙම වන අලින් දෙදෙනා පිළිබඳව ගම්වාසීන් කුඩාඔය පොලිසියට සහ වැල්ලවාය වනජීවි කාර්‍යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සිරුරු ගොඩගෙන තිබේ.
09 වැනිදා හමුවූ වන අලියා උසින් අඩි හයහමාරක අවුරුදු 30ත් 32ත් අතර වයසේ පසුවන බව පැවැසේ.
10 වැනිදා හමුවූ වන අලියා අඩි හයක් උස අවුරුදු 20ත් 25ත් අතර් වයසේ පසුවන බව වාර්තා සඳහන් කරයි.
මෙම වන අලින්ගේ මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී ආනන්ද ධර්මකීර්ති පවත්වා ඇත.
පෞද්ගලික ව්‍යාපාරිකයකු විසින් ඔහුගේ වැලිපොළකට සහ ගල්කොරියකට යෑමට කිරිඳිඔය හරහා මෙම කෝසුව ඉදිකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart