
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිළිනොච්චිය ප්‍රදේශයේ ඇළක තිබී තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
අවුරුදු 20 සහ 18 යන වයස්වල පසුවන මෙම තරුණයන් දෙදෙනා කිළිනොච්චිය අහ්ලපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ ඔවුන්ගේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව සංඥා කණුවක ගැටීමෙන් මොවුන් දෙදෙනා ඇළට වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
කිළිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්‍ෂණයෙන් අනතුරුව මෘතදේහ වැඩිදුර පරීක්‍ෂණ සඳහා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart