
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය අප්‍රේල් 07 වනදා මැදවච්චිය ප්‍රදේශයේදී තරුණයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනකු කැබිතිගොල්ලෑව අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හයදෙනකු විසින් අත් පිටුපසට කර බැඳදමා පහරදෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ වෘෂණ කෝෂයක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි ඊයේ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.
මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයෙකි.
මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායකගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලද්දේ, මෙම තරුණයා පොලිස් අණ නොතකා බිමත්ව ලොරි රථයක් ධාවනය කර ඇති බවත්. ගියර් ලීවරය මත ඇදවැටී ඔහුට තුවාලවී ඇති බවත්ය.
ලොරි රථයේ කසිප්පු තිබී ඇති බවද ප්‍රකාශ විය.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරුකර යවා තිබිණි.
මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය.
තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අතපය ගැටගසා වාහනයකට දමා පහරදුන් බවට ඔහුගේ මව මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart