
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන දෙකකට පරිපාලනමය දඬුවම් පනවා තිබේ.
එම දඬුවම් පනවා ඇත්තේ 2024 ජනවාරි 01 සිට 2024 අප්‍රේල් 30 දක්වා කාලයට අදාළවය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මෙලෙස දඬුවම් පනවා ඇත්තේ DFCC බැංකුව සහ සම්පත් බැංකුව සඳහා වේ.
මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2024 ජනවාරි 01 සිට අප්‍රේල් 30 දක්වා මූල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් මිලියන 3ක දඩ මුදල් අය කරගෙන ඇත.
දඩ වශයෙන් එකතු කරන ලද එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් ආයතනවලට මූල්‍ය දඩුවම් පනවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart