
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කර වෙළෙන්දාට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් දෙදෙනකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන හතරක්, ලැප්ටොප් පරිගණක දෙකක් සහ රවුටරයක්, අන්තර්ජාල වෙළෙන්දා හරහා ඇනවුම් කරන ලද ආභරණ සහ අත් ඔරලෝසු දෙකක් රාජසන්තක කර ඇත.
සැකකරුවන් 20 සහ 24 යන වයස්වල පසුවන වාරියපොල සහ සුනන්දපුර ප්‍රදේශවල පදිංචි සිසුන් සිසුන් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
අන්තර්ජාල වෙළෙන්දාගේ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart