
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු බලෝකිස්තානයේ ඩුකි දිස්ත්‍රික්කයේ ගල් අඟුරු ක්ෂේත්‍ර ප්‍රදේශයේ සිදු වූ පිපිරීම් දෙකකින් බලෝකිස්තාන් පොලිසියේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු මිය ගොස් තිබේ.
එමෙන්ම එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුත 20 දෙනෙකු තුවාල ලබා ඇත.
පළමු පිපිරුම සිදු වූ ස්ථානයට ජනතාව සහ පොලිස් නිලධාරීන් එක්රැස් වූ විට එම ස්ථානයේ තවත් පිපිරීමක් සිදුව තිබේ.
වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර පිපිරීම් සිදු කර ඇති බව පොලීසිය පවසයි.
පළමු පිපිරීමේදී පන්ජාබ් වෙත ගමන් කරමින් තිබූ ගල් අඟුරු පටවාගත් ට්‍රක් රථයක් ඉලක්ක කර ඇත.
ට්‍රක් රථය ආසන්නයේම බෝම්බයක් පිපිරී තිදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර, ට්‍රක් රථය සම්පූර්ණයෙන් පාහේ විනාශ වී ඇතැයි පැවසේ.
දෙවන පිපිරුම සිදුව ඇත්තේ පළමු පිපිරුම පිපිරීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් එහි ළඟා වන විටදීයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart