
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ “භාතිය” නමැති ඇතා අද උදෑසන මිය ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා පොල්පිතිගම ප්‍රදේශයේ මඩ සහිත වළක වැටී සිටියදී භාතිය ඇතා සොයා ගෙන තිබිණි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර ලබන අලි තිදෙනාගෙන් භාතියගේ තත්ත්වය බරපතල බව මීට පෙර අනාවරණ කෙරිණි.
ඇතාගේ දකුණු ඉදිරි පාදයට වෙඩි වැදී තිබීම හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය තත්වය දිනෙන් දින දුර්වල විය.
ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් ද පසුගිය දින කිහිපය පුරාවටම දැඩි වෙහෙසක් දරා තිබේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart