
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දුනීසියාවේ රුආන්ග් කඳුකරයේ පිපිරීම් සමග අඩි දහස් ගණනක් උසට අළු විසිර යෑමත් සමග එරට් බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
11,000කට වැඩි පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ද නිලධාරීන් නියෝග කර ඇත.
සුලවේසි දූපතේ උතුරු දෙසින් පිහිටි ගිනිකන්ද ආශ්‍රිතව පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුව ඇති බව ඇති බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ විද්‍යාත්මක ආපදා අවම කිරීමේ මධ්‍යස්ථානය පවසයි.
ගිනිකඳු අනතුරු ඇඟවීම එහි ඉහළම මට්ටමට ගෙන ඒමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
අවම වශයෙන් පදිංචිකරුවන් 800ක් පමණ මේ වනවිටත් ප්‍රදේශයෙන් පිටව ගොස් ඇත.
මිලියන 270ක ජනතාවකින් යුත් දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කඳු 120ක් තිබේ.
එය පැසිෆික් සාගරය වටා ඇති භූ කම්පන රේඛා “ගිනි වළල්ල” දිගේ පිහිටා ඇති නිසා ඉන්දුනීසියාව ගිනිකඳු ක්‍රියාකාරකම්වලට නිතර ගොදුරු වේ.
බලධාරීන් සංචාරකයන් සහ අනෙකුත් අයගෙන් ඉල්ලා සිටියේ මීටර් 725ක් උස රුආන්ග් ගිනි කන්දේ සිට අවම වශයෙන් කිලෝමීටර් 6 ක් ඈතින් රැඳී සිටින ලෙසයි.
බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ 1871 දී මෙන් පුපුරා යන පරිදි ගිනි කන්දෙන් කොටසක් මුහුදට කඩා වැටී සුනාමියක් ඇති විය හැකි බවටයි.
ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ ප්‍රදේශවාසීන් සුලවේසි දූපතේ ආසන්නතම නගරය වන මැනඩෝ වෙත රැගෙන යන බවයි.
එය පැය හයක බෝට්ටු ගමනකි.
2018 දී ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද පුපුරා යෑමෙන් සුමාත්‍රා සහ ජාවා වෙරළ තීරයේ සුනාමියක් ඇති විය.
කන්දේ සමහර කොටස් සාගරයට වැටීම හේතුවෙන් පුගලයන් 430 දෙනෙකු ද මියගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart