
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නිව් ජර්සි හි පිහිටි ඔහුගේ නිවසට ආපසු පැමිණ සිටින බව වාර්තා වේ.
පෙන්සිල්වේනියාවේ සෙනසුරාදා පැවති රැලියකදී ඔහු ඝාතනය කිරීමේ මෙම තැත ක්‍රියාත්මක වූ අතර එහිදී ට්‍රම්ප්ගේ කනකට තුවාල සිදුව තිබිණි.
කනින් ලේ වැගිරෙමින් සිටි ට්‍රම්ප්ව පසුව රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට රැගෙන යෑමට කටයුතු කර තිබිණි.
අමෙරිකානු මධ්‍යම විමර්ශන ඒජන්සිය හෙවත් FBI විසින් වෙඩි තැබීම සිදු කරන ලද තුවක්කුකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගෙන තිබේ.
සැකකරු රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ඔහු සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී ඇති තොරතුරු අනුව 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ රැලිය පැවති ස්ථානය වූ බට්ලර් සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටි බෙතෙල් උද්‍යානයේ පදිංචිකරුවෙකි.
ඔහුව DNA ප්‍රතිඵල මගින් හඳුනාගන්නා තුරු FBI නියෝජිතයන් ඔහුගේ අනන්‍යතාව හෙළි නොකිරීමට වගබලාගෙන තිබිණි.
FBI ආයතනයට අනුව මෙය තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන විමර්ශනයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart