July 6, 2025

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු ලිපි 12කට අත්සන් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ප්‍රකාශ වී තිබුණේ එම ලිපි සිකුරාදා යොමු කරනු ඇති බව වුවද එම ලිපි සඳුදා යොමු කිරීමට නියමිත බව නවතම වාර්තා කියයි.

එම වාර්තා පැමිණෙන්නේ මේ පිළිබඳ කලින් සන්නිවේදනයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කර සිටියදීය.

“මම ලිපි කිහිපයක් අත්සන් කළ අතර ඒවා සඳුදා එළියට එයි, බොහෝ විට දොළහක්,විවිධ මුදල් ප්‍රමාණයන්, විවිධ තීරුබදු ප්‍රමාණයන්.” ට්‍රම්ප් ඊයේ වාර්තාකරුවන්ට පැවසීය.

ශ්‍රී ලංකාවට සියයට 44ක ට්‍රම්ප් තීරුබදු පැනවීමක් තිබු අතර එය තීරුබදු සියයට 10 දක්වා අඩු කිරීමෙන් පසු ජූලි 09 වැනි දින දක්වා අත්හිටුවන ලදී.

එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ පළමු රටවල් අතර ශ්‍රී ලංකාව ද විය.

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගිය සතියේ පැවසුවේ ජූලි 09 වැනි දින අවසන් දිනට පෙර ශ්‍රී ලංකාව ලිපියක් අපේක්ෂා කරන බවයි.

“රජය විසින් සිදු කරන ලද මැදිහත්වීම් හේතුවෙන් ආර්ථිකයට සහ අපගේ අපනයනකරුවන්ට ඇති බලපෑම අවම කිරීම සඳහා තීරුබදු සංශෝධනයක් ලබා ගත හැකි බවට අපගේ පැත්තෙන් අපට අපේක්ෂාවක් තිබෙනවා,” යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ට්‍රම්ප් යොමු කරන ලිපිවල අනුපාතය අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බවට වාර්තා තිබේ.

ට්‍රම්ප් සෙනසුරාදා ඔහුගේ නවතම අදහස් දැක්වීමේදී ‘විවිධ මුදල් ප්‍රමාණ’ යන්නෙන් අදහස් කළේ කුමක්ද යන්න පැහැදිලි නැත.

‘කුඩා’ රටවලට යම් සහනයක් ලැබෙනු ඇතැයි ට්‍රම්ප් සඳහන් කර තිබිණි.

තරඟකරුවන් සමඟ අවාසි සහගත නොවීමට ශ්‍රී ලංකාව උනන්දු වන අතර එය විශේෂයෙන් ඇඟලුම්වලට හේතු වේ.

එක්සත් ජනපදයෙන් වැඩි ආනයන සහ අඩු වෙළඳ අතිරික්තයක් තිබූ ඉන්දියාවට ට්‍රම්ප් තීරු බදු පැනවූ ප්‍රමාණය සමානුපාතිකව සියයට 26කි.

පකිස්ථානයට සියයට 29ක් සහ බංග්ලාදේශයට සියයට 37ක්වශයෙන් තීරු බදු පනවා තිබිණි.

වියට්නාම නායක ටූ ලැම් සමඟ සියයට 20ක තීරු බදු ගෙවීමක් සඳහා ගිවිසුමක් ඇති කර ගත් බව ට්‍රම්ප් පැවසූ නමුත් පුළුල් සාමාන්‍යකරණයන් කිරීමට ඔහු තුළ ඇති ප්‍රවණතාව අනුව එම විස්තර පැහැදිලි නැත.