
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
TikTok සමාජ මාධ්‍ය වේදිකාව රට තුළ තහනම් කිරීමට පෙර, ඒ සඳහා චීන නොවන ගැනුම්කරුවකු සොයා ගැනීමට තම පරිපාලනය තවත් දින 75ක් ලබා දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප්ගේ Truth Social හි සටහනට අනුව, මෙම කාලය ලබා දෙන්නේ අවශ්‍ය සියලු අනුමැතීන් අත්සන් කර ඇති බව සහතික කිරීම අරමුණු කර ගෙනය.
“මගේ පරිපාලනය TikTok බේරා ගැනීම සඳහා වන ගනුදෙනුවකට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිනවා, අපි දැවැන්ත ප්‍රගතියක් ලබා තිබෙනවා,” යනුවෙන් ඔහු සටහන් කර තිබේ.
ට්‍රම්ප් පැවසුවේ තම පරිපාලනය ඒ සඳහා විවිධ කණ්ඩායම් හතරක් සමඟ සම්බන්ධ වී ඇති බවයි.
“TikTok නැති වෙනවාට අපි කැමති නැහැ,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
තහනම මුලින්ම ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද නමුත් බයිඩන් විසින් අත්සන් කරන ලදී.
ජාතික ආරක්ෂක හේතූන් මත එම කෙටි වීඩියෝ වේදිකාවට ජනවාරි 19 වැනි දින වන විට චීන නොවන නව හිමිකරුවකු සොයා ගැනීමට එක්සත් ජනපද කොංග්‍රසය මුලින් නියෝග කර තිබූ අතර පසුව ට්‍රම්ප් අප්‍රේල් 5 දක්වා අවසාන දිනය දීර්ඝ කළේය.
ට්‍රම්ප් ජනාධිපති ධුරයේ පළමු ධුර කාලය තුළ සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට උත්සාහ කළ නමුත් එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයකු ජනාධිපතිවරයාට එය තහනම් කිරීමට බලයක් නොමැති බව තීන්දු කළේය.
එම අධිකරණ තරවටුවෙන් පසුව, හිටපු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කළ TikTok විකිණීම සඳහා ඉල්ලා සිටින පනත් කෙටුම්පත කොංග්‍රසය සම්මත කළේය.
රටේ දේශපාලන මතයට බලපෑම් කිරීමේ අරමුණින් චීනයට TikTok හි පෞද්ගලික දත්ත වෙත ප්‍රවේශ විය හැකි බවට එක්සත් ජනපදයේ නීති සම්පාදකයන් බිය විය.
චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ විදේශ රටවල රඳවා තබා ඇති දත්ත, තොරතුරු හෝ බුද්ධි තොරතුරු රැස් කිරීමට හෝ ලබා දීමට රජය කිසි විටෙකත් සමාගම්වලින් ඉල්ලා නොමැති බවයි.
එක්සත් ජනපද ව්‍යාපාර කිහිපයක් TikTok හි කොටසක් මිලදී ගැනීමට දීමනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
චීනයට අමතරව, TikTok හි කාර්යාල සිංගප්පූරුවේ සහ ලොස් ඇන්ජලීස්හි ද තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart