
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවට චෝදනා කරමින් දෙරට අතර තවදුරටත් ගැටුම් ඇතිකර ගැනීමට තමාට අවශ්‍ය නොමැති බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Canada Broadcastiong Coporation (CBC) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර වෙළෙද සබදතා වැඩිදියුණු කරමින්, ඉන්දු-පැසිෆික් උපාය මාර්ග ඉදිරියට ගෙනයෑමේ මේ මොහොතේ සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් දක්වා තිබේ.
පසුගිය ජූනි මාසයේදී, හර්දීප් සිං නිජ්ජාර් නම් සික් ජාතිකයා කැනඩාවේදී ඝාතනය කෙරුණු අතර, කැනඩා අගමැතිවරයා චෝදනා කළේ, අදාළ ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බව පවසමිනි.
ඉන්දියාව 2020 වර්ෂයේදී නිජ්ජාර්ව ත්‍රස්තවාදියකු ලෙස නම්කර තිබිණි.
මෙම සිදුවීම පිටුපස ඉන්දියාවේ සම්බන්ධතාවක් තිබෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටිණි.
සික් ජාතික නායකයා ඝාතනය කිරීම සඳහා ඝාතකයකු කුලියට ගැනීමට ඉන්දියානු නිලධාරීන් විසින් නිඛිල් ගුප්තා නම් පුද්ගලයකුට ඩොලර් 100,000 පිරිනැමූ බව පවසමින් මෙලෙස චෝදනා එල්ල විය.
මෙම ප්‍රකාශය ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළ අතර, ටෘඩෝගේ එම චෝදනාවෙන් දින කිහිපයකට පසු, ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීය.
මෙවැනි තත්වයක් තුළ කැනඩා අගමැති ඉන්දියාව සමග සංහිදියාව ඇතිකර ගැනීමට කටයුතු කරමින් පවතී. සිටින බව දැකගත හැකි බව විදෙස් පුව්ටැහැ සේවා පවසයි.
කෙසේවෙතත්, එම චෝදනා විමර්ශනය කිරීම සඳහා ඉන්දියාව දැනටමත් විමර්ශන කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart