
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යළි ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ අද පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
රුපියල් මිලියන 150,000ක බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර පිළිගනු ලැබුවේ රුපියල් මිලියන 108,140ක ලංසු පමණි.
දින 91 කින් කල් පිරෙන බිල්පත් සඳහා මෙම වෙන්දේසියේ දී ලැබුණු සාමාන්‍ය ඵලදා අනුපාතිකය සියයට 18.48ක් වූ අතර පසුගිය වෙන්දේසියේ දී එම අගය සියයට 17.97ක් විය.
දින 182කින් කල් පිරෙන බිල්පත් සඳහා පසුගිය වෙන්දේසියේ දී ලැබුණු සියයට 15.03ක ඵලදා අනුපාතිකය මෙම වෙන්දේසියේ දී සියයට 15.36ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
දින 364කින් කල් පිරෙන බිල්පත් පොලිය මෙම වෙන්දේසියේදී සියයට 13.58ක් ලෙස දැක්වුණු අතර පසුගිය වෙන්දේසියේදී එම අගය සටහන වූයේ සියයට 13.31ක් ලෙසින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart