
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරේ ඊයේ වැඩ භාරගත් නියෝජ්‍ය පොලිස්පති සමන්ත සිල්වා විසින් විශේෂ කාර්ය බළකාය තුළ ස්ථාන මාරුවීම් රැසක් සිදු කර ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හතරදෙනකු ,පොලිස් අධිකාරිවරුන් අටදෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් නවදෙනකු මෙලෙස ස්ථාන මාරුකිරීමට කටයුතු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානය පවසයි.
පසුගිය සමයේ පොලිස් විශේෂ කාර්ය බලකාය තුළ සිදු වූ බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධව එල්ල වූ චෝදනා හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රතිසංවිධානය කිරීම උදෙසා මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් කාර්‍ය බලකායේ උසස් නිලධාරියකු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart