May 3, 2025

ඊයේ අහංගම දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් ‘රජරට රැජින’ දුම්රියේ ගැටීමෙන් ඛේදජනක අනතුරක් සිදුවිය.

මෙම සිද්ධියෙන් අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

‘රජරට රැජින’ දුම්රිය බෙලිඅත්ත සිට වවුනියාව දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය.