
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී සංශෝධනය කළ ධීවර රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීම සහ ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමේ නිරත වූ තමිල්නාඩු ධීවරයන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ එම මුහුදු තීරයට එන ඉන්දීය බොටම් ට්‍රෝලර් යාත්‍රා ප්‍රමාණය සැළකි යුතු ලෙස අඩු වී ඇති බව උතුරේ ධීවරයෝ පවසති.
කයිට්ස් ධීවර සමුපකාර සමිතියේ ලේකම් අන්නාලිංගම් අන්නාරාසාගේ අදහස වන්නේ මෑතකදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්ට කයිට්ස් අධිකරණයේදී නඩු පැවරීම මගින් දෙවැනිවර වැරදිකරුවන් වූ ඔවුන්ට දැඩි දඬුවම් සහ සිරදඬුවම් නියම කිරීම ඉන්දීය ධීවරයන් දේශසීමා තරණය කිරීම අධෛර්යමත් කිරීමට සැළකිව යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.
“අපේ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා පසුගිය කාලයේ සම්මත කළ නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බලකර සිටිනවා. ස්වෛරී ජාතියක් ලෙස අපේ සම්පත් ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමයි,” යුවෙන් ධීවර නායක අන්නාරාසා පවසයි.
යාපනයේ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී බොටම් ට්‍රෝලර් යාත්‍රාවක මසුන් මැරීමේ නිරත වූ තමිල්නාඩු ප්‍රදේශයේ යාත්‍රාවක් 1979 අංක 59 දරන සංශෝධිත ධීවර පනත යටතේ (විදේශීය ධීවර බෝට්ටු නියාමන පනත) අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි හිමිකරුට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සතියේ රුපියල් මිලියන 8ක දඩ මුදලක් නියම කළේය.
මෙම මස මුලදී, වෙනම නඩුවක් මත එම අධිකරණය විසින් ඔහුට රුපියල් මිලියන 4ක දඩයක් නියම කළ අතර සැකකරු දඩය නොගෙවන්නේ නම් වසරක බරපතළ සිරදඬුවමක් නියම කළේය.
සාම්ප්‍රදායික යාත්‍රාවක් සමඟ අත්අඩංගුවේ පසුවූ ධීවරයන් හත් දෙනෙකු ද වසර දෙකකට අත්හිටවූ වසරක සිරදඬුවමකට යටත් කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබිණි.
අගෝස්තු 8 වැනිදා කයිට්ස් අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඉන්දීය ධීවරයන් දෙදෙනෙකුට රුපියල් මිලියන 4 බැගින් සහ හිමිකරුට රුපියල් මිලියන 8ක දඩයක් ද නියම කෙරිණි.
එම දඩ මුදල අගෝස්තු මස 13 වැනිදාට පෙර ගෙවන ලෙසනියෝග කර ඇත.
ඉන්දීය ධීවරයන් තිදෙනාම අධිකරණය විසින් නියම කරන ලද දිනට පෙර දඩය ගෙවීමට අපොහොසත් වූ බැවින්, රුපියල් මිලියන 4 නොගෙවීම සම්බන්ධයෙන් දෙදෙනෙකුට වසරක සිරදඬුවමක් හිමිවන අතර අනෙක් පුද්ගලයාට රුපියල් මිලියන 8ක දඩය නොගෙවීම නිසා වසර දෙකක සිරදඬුවම් නියම විය.
උතුරු පළාත් ධීවර සංගමයේ ලේකම් එන්.එම්. ආලම් පවසන්නේ පසුගිය මාස කිහිපය තුළ මන්නාරමට උතුරට ඇතුළු වන යාත්‍රා සංඛ්‍යාව අඩු වුවද, එම කලාපයට දකුණින් ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් දක්නට ලැබුණු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart