
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදුව ඇති බව පිතිකරණ පුහුණුකරු තිළිණ කන්ඩම්බි පවසයි.
ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව දෙවැනි T20 තරගය කඩුලු 07කින් ජයගැනීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ඔහු පවසා තිබුණේ පිතිකරුවන් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.
පුහුණුවීම් අවශ්‍ය තරම් ලබාදීමට හැකිවුවද පිටිය තුළ දී පිතිකරුවන් ඔළුව කල්පනා කරමින් ක්‍රීඩා නොකිරීම දක්නට ලැබෙන බව තිළිණ කන්ඩම්බි පෙන්වා දෙයි.
දිගින් දිගටම අවස්ථා ලබා දුන්නද ඉන් නිසි ප්‍රතිඵල දිගින් දිගටම නොලැබෙන්නේ නම් අසීරු තීරණ ගැනීමට සිදුවන බව ඔහු පවසයි.
මේ හේතුවෙන් නවක ක්‍රීඩකයන් ආදේශ කිරීමට සිදුවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කන්ඩම්බි සඳහන් කළේය.
තරග තුනකින් යුත් T20 තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ජයගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart