
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන ජූලි 30 වනදා ආරම්භ වන සිව්වන ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ ටිකට්පත් අලෙවිය අද(23) සිට ආරම්භ කර ඇත.
ඒ අනුව,www.srilankacricket.lk යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියට පිවිසිමෙන් ටිකට් පත් මිලදීගත හැකිවනු ඇති බව එම ආයතනය පවසයි.
මේ අතර, LPL තරගාවලිය වෙනුවෙන් රථ පෙළපාලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටින් අද පස්වරු 04ට අද ආරම්භ කෙරිණි.
ඊට මිනිකූපර් වර්ගයේ වාහන යොදාගෙන තිබීම විශේෂත්වයකි.
ක්‍රිකට් ආයතනය ඉදිරිපිටින් ඇරඹි එම පෙළපාලිය ගාලුමුවදොර පිටියට පැමිණ, අනතරුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය දක්වා ගමන් කළේය.
මෙරට මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුවද ඊට එක්ව සිටියේය.
LPL තරගාවලියේ පළමු කරගය ලබන 30 වැනිදා යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර කොළඹ.ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රාත්‍රී 07ට ආරම්භ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart