
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංගලාදේශ ක්රිකට් ක්රීඩක ශකීබ් අල් හසන් එළඹෙන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.
පාලක බංග්ලාදේශ අවාමි ලීගයෙන් නාමයෝජනා ඉල්ලා සිටි ෂකීබ් මැතිවරණ කොට්ඨාස තුනක තනතුරු සඳහා තරඟ කිරීමට නාමයෝජනා පත්ර ලබා ගත් බව අවාමි ලීගයේ සම ලේකම් බහවුදීන් නසීම් AFP පුවත් සේවය වෙත ප්රකාශ කර ඇත.
අවාමි ලීගයේ සම ලේකම් බහවුදීන් නසීම්, ෂකීබ්ගේ කීර්තිමත් තත්ත්වය සහ රටේ තරුණයන් අතර පුළුල්ව පැතිරුණු ජනප්රියත්වය ඉස්මතු කර පෙන්වා ඇති අතර, ඔහු දේශපාලන භූමියට සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කර ඇත.
ෂකීබ් අල් හසන්ගේ අපේක්ෂකත්වය අගමැති ෂීක් හසීනාගේ ප්රධානත්වයෙන් යුත් පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලයෙන් තහවුරු කිරීමට නියමිතය.
ෂකීබ්ගේ දේශපාලන ගමන පිළිබඳ අවසාන තීරණය රඳා පවතින්නේ, පසුගිය වසර 15 තුළ දළ වශයෙන් මිලියන 170ක ජනතාවක් සිටින බංග්ලාදේශය පාලනය කළ අගමැති හසීනා සතුවය.
2018 දී, හිටපු ක්රිකට් නායක මෂ්රෆි මොර්ටාසා දේශපාලනයට පිවිසි අතර එම වසරේම පාලක පක්ෂයෙන් නීති සම්පාදකයෙකු ලෙස සාර්ථක ලෙස තනතුරක් ලබාගත්තේය.
2019 ලෝක කුසලානයේදී බංග්ලාදේශයට නායකත්වය දුන් මොර්ටාසා අවසානයේ ක්රිකට් පිටියෙන් ඉවත් වූයේ ඔහුගේ දේශපාලන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම කැපවීමටය.
දැනට ක්රිකට් තුන්ආකෘතියේම බංග්ලාදේශ නායකයා ලෙස කටයුතු කරන ෂකීබ් අල් හසන් ඇඟිල්ලේ ආබාධයකින් මේ වන විට සුවය ලබමින් සිටියි.
මෙම රෝගී තත්ත්වය නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් ඔහු ඉවත් වීමට හේතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart