
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් නේපාලය තුළ කතාබහක් හට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් නේපාලය තුළ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් එම යෝජනාව ඉදිරිපත් වී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.
2023 වසරේ නොවැම්බර් මාසයේදී නේපාලය තුළ ටික්ටොක් තහනමක් පැනවුවද එම තහනම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත.
සමාජය තුළ අසමගිය පැතිර යාමට හේතු වන බවට ලද පැමිණිලි හමුවේ එලෙස ටික්ටොක් සඳහා තහනමක් පැනවීමට හේතු වී තිබුණි.
කෙසේවෙතත් නේපාලයේ ජනතා සමාජවාදි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් යාදෙව් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වීමකදී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ නේපාලය තුළ ටික්ටොක් තහනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.
නේපාලයේ ඇතැම් අන්තර්ජාල සේවා සැපයුම් සමාගම් රජයේ එම ටික්ටොක් තහනමට අවනත නොවන බැවින් රජය වහා ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart