
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශිකයකු සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටළීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ ඩුබායි සිට පැමිණි 51 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි 15,000ක් සොයාගෙන තිබේ.
අද සිදුකළ වැටළීමකදී ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය දුම්වැටි 21,200ක් සමඟ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එහිදී සිදුකළ තවත් වැටළීමකදී ඩුබායි සිට නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි 46,800ක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටුනායක ගුවන් තොටුපොළ ඒකකය මෙම සිද්ධීන් තුන සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart