
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුකගේ ගෝලයන් තිදෙනෙකු හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 50 කටඅධික මුදලක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය ඊයේ(24) වේල්ල වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වල කළ වැටලීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
එහිදී හෙරෙයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 60 මිලි ග්‍රෑම් 150 ක්, ජංගම දදුරකථන 03ක් සහ මුදලින් රුපියල් 4,986,000ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 34, 31, 49 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් හේනමුල්ල, කොළඹ 15 මැද පාර සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දැනට විදෙස්ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන ධනුකගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart