
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු වෙළඳසල් හිමියෙක් අත්අඩංගුවට නොගෙන මුදාහැරීමට රුපියල් ලක්ෂ එකහමාරක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මාබිම, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වෙළඳසල් හිමියකු සපුගස්කන්ද පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල බෙහෙත් බඩු වෙළඳසලට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනා එම වෙළඳසල සහ නිවස පරීක්ෂා කර එහි තිබුණේ යැයි කියන මෝදක ගුලි සහිත බෝතලයක් රැගෙන පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමට තැත්කර, අනතුරුව එසේ නොකිරීමට නම් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් ඉල්ලා ඇත.
එහිදී සැකකරු එම මුදල බැංකු කාඩ්පතකින් ලබාදී ඇතැයි පැවසේ.
එම පැමිණිල්ලට අනුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගය පරිදි කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart