
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට අට හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු සඳුදා අලුයම ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙන ළඟා වී තිබේ.
ලද තොරතුරක් මත සමුද්‍ර පොලිසිය ඔවුන් ගොඩබිමට රැගෙන විත් පරීක්‍ෂණ පවත්වා ඇතැයි “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත.
තමන් මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඔවුන් පවසා තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත පවසන්නේ, ඔවුන් තිදෙනා සිවනේෂ්වරන් (49), ගජේන්ද්‍රන් (45) සහ ඔහුගේ පුත් සජිත් (8) ලෙස හඳුනාගෙන ඇති බවයි.
එම ශ්‍රී ලාංකිකයන් තිදෙනා තලෙයිමන්නාරම වෙරළ තීරයේ සිට ෆයිබර් බෝට්ටුවක් කුලියට ගෙන ධනුෂ්කොඩි ආසන්නයේ යම් ස්ථානයකට ළඟා වූ බව වාර්තා වේ.
දරිද්‍රතාවය සහ රැකියා විරහිතභාවය මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට සිදු වූ බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත.
නිසි තහවුරු කිරීමකින් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව ද පොලිසිය පවසා තිබේ.
අදාළ ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඇතුළත් කිරීමෙන් අනතුරුව මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳීසිටින පුද්ගලයන් ගණන 301ක් දක්වා ඉහළ ගිස් ඇතැයි එහි නිලධාරියකු පවසා තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව හැර ගොස් ඉන්දීය මුහුදු සීමාවට පැමිණි පිරිසට තමිල්නාඩු රජය රැකවරණය ලබාදී තිබේ.
ප්‍රාන්ත රජය සිරකරුවන්ට ආහාර සහ දීමනාවක් ලබාදෙයි.
මෙම පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව මධ්‍යම රජයෙන් කිසිදු ප්‍රකාශයක් නොමැති බැවින්, මානුෂීය හේතූන් මත රජය ඔවුන්ට උපකාර කරමින් සිටින බව එම නිලධාරියා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart