
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාමේෂ්වරම් ආසන්නයේදී ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ෆයිබර් බෝට්ටුවක සිටි එම ධීවරයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ලියාපදිංචිය සහිත (OFRP 5671 JFN) ශ්‍රී ලංකා ධීවර බෝට්ටුව සිය භාරයට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොම්බුතුරෙයි, නැදුන්කුලම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ආර්.නිරෝෂන්, යාපනය තලයාඩි, උඩුන්තුරේ පදිංචි 37 හැවිරිදි ටී.බාලා රමේෂ් සහ එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පී.පුලෙයිකුමාර් යන ධීවරයින් පිරිසකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart