July 31, 2025

විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත ජය­කොඩිගේ සැල­සු­ම­කට අනුව, පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වූ කෙහෙ­ල්බ­ද්දර පද්මේ නමින් මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරි­පා­ලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලලිත් පති­නා­යක සහ දේශ­බන්දු තෙන්න­කෝන් අයට ලබාදුන් බව කියන තර්ජ­නා­ත්මක දුර­ක­තන ඇම­තුම් දී ඇත්තේ ව්‍යාපා­රික කට­යුතු සඳහා නිතර ඩුබායි බලා යන එන ව්‍යාපා­රි­ක­යකු විසින් ඩුබායි සිට බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් හෙළිකර­ගෙන තිබේ.

එම ව්‍යාපා­රි­කයා සුවඳ විල­වුන් ඇතුළු භාණ්ඩ ඩුබායි සිට මෙර­ටට රැගෙන ඒමේ ව්‍යාපා­ර­යක නිර­තව සිටින වයස අවු­රුදු 31ක් වන පාන­දුර වත්ත­ල්පොළ පදිං­චි­ක­රු­වෙකි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මුලින්ම අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ ඔහු­වය. ඒ ඉකුත් 20 වැනි­දාය.

ප්‍රියන්ත ජය­කොඩි සම්බ­න්ධ­යෙන් තොර­තුරු හෙළි වී ඇත්තේ ඔහු­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය.

ප්‍රියන්ත ජය­කොඩි තමා දැන හඳු­නා­ගනු ලැබුවේ කල­කට පෙර පොලිස් මූල­ස්ථා­න­යේදී බව ද ප්‍රශ්න කිරීම් හමු­වේදී ඔහු පවසා ඇත.

එම ව්‍යාපා­රි­ක­යාව තමා දන්නා හඳු­නන බව ප්‍රියන්ත ජය­කොඩි පිළි­ගෙන ඇතත් දුර­ක­තන ඇම­තුම් දුන්නේ තමාගේ සැල­සු­ම­කට නොවන බවත්, ඒ ගැන තමා කිසි­වක් නොදන්නා බවත් ප්‍රියන්ත ජය­කොඩි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා ඇත.

ව්‍යාපා­රි­කයා පවසා ඇත්තේ මුලින්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලලිත් පති­නා­යකටත් හිටපු ඇමැති ටිරාන් අලස්­ටත් පසුව තමා­ටත් දුර­ක­තන ඇම­තුම් දෙමින් තර්ජ­නය කරන ලෙස ප්‍රියන්ත ජය­කොඩි උප­දෙස් දුන් බවය. ඒ සම්බ­න්ධ­යෙන් දෙදෙනා අතර හුව­මාරු වූ වට්ස්ඇප් පණි­විඩ මෙම ව්‍යාපා­රි­ක­යාගේ ජංගම දුර­ක­ත­නයේ තිබී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සොයා­ගෙන ඇත.

ව්‍යාපා­රික කට­යු­ත්තක් සඳහා තමා ඩුබායි බලා ගිය අව­ස්ථා­වක ප්‍රියන්ත ජය­කොඩි විසින් දුන් උප­දෙ­ස්ව­ලට අනුව එරට සිම් කාඩ්ප­තක් ලබා­ගෙන එම තර්ජ­නා­ත්මක ඇම­තුම් දුන් බව ද එම ව්‍යාපා­රි­කයා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා තිබේ.

එම සිම් කාඩ්පත දුර­ක­ත­න­ය­කට ඇතුළු කර කෙහෙ­ල්බ­ද්දර පද්මේ නමින් වට්ස්ඇප් ගිණු­මක් විවෘත කර අන­තු­රුව වට්ස්ඇප් මඟින් ඇම­තුම් ගත් බව ද ඔහු පවසා ඇත.

මෙම ව්‍යාපා­රි­කයා නැවත මෙර­ටට පැමි­ණී­මෙන් පසු කොටුවන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් සිදු­කළ තාක්ෂ­ණික මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි.

ව්‍යාපා­රි­කයා රඳ­වා­ගෙන කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළිවූ තොර­තුරු මත ප්‍රියන්ත ජය­කොඩි අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කළේය.(දිනමිණ)