
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිනොපෙක් සහ ලංකා IOC වැනි පෞද්ගලික සමාගම් හඳුන්වා දෙමින් මෙරට ඉන්ධන වෙළඳපොළ ලිහිල් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව උත්සාහ කළද සැපයුම්කරුවන් අතර පවතින්නේ සුළු වෙනස්කම් පමණක් වීම නිසා පාරිභෝගිකයන්ට තවමත් ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදුව තිබේ.
මෙම ඉහළ මිල ගණන්වලට ප්‍රධාන සාධකයක් වන්නේ 2022 දී ලීටරයකට පනවන ලද රුපියල් 50ක බද්දයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ණය ආපසු ගෙවීම සඳහා එම බද්ද පනවනු ලැබිණි.
2022 දී හඳුන්වා දුන් එම බද්ද, පසුගිය රජයේ පාලන සමයේදී භාණ්ඩාගාරය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන පවරා ගත් ඩොලර් බිලියන 3කට ආසන්න ණය ආපසු ගෙවීම සඳහා යොදා ගනී.
භාණ්ඩාගාර නිලධාරීන්ට අනුව දැඩි මූල්‍ය විනයක් අවශ්‍ය නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සිටින තාක් කල්, ශ්‍රී ලංකාවට මෙම බද්ද ගැන සාකච්ඡා කළ නොහැකිය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අනෙකුත් ඉන්ධන සමාගම් අතර මිලකරණ වෙනස්කම් පැවතුණද, සියලුම ක්‍රියාකරුවන්ට රුපියල් 50ක බද්ද ගෙවීමට සිදුවන බවයි.
“ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය රජයේ ණය තොගයට මාරු කළා. අපි දැන් අවුරුදු 18ක් තිස්සේ ඒ ණය සඳහා පොලිය ගෙවනවා. මේ රුපියල් 50 ඒ ආපසු ගෙවීමේ වගකීම ආවරණය කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.
මමගින් පාරිභෝගිකයන් මත ඇති වන පීඩනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද පිළිගන්නා නමුත් බද්ද ඉවත් කිරීම තවමත් කළ නොහැකි බව සඳහන් කරයි.
“ණයෙන් අඩක් පමණ මේ දක්වා අයකර ගෙන තිබෙනවා, නමුත් මුදල් විනිමය අනුපාතවල අස්ථාවරත්වය ගැන බලන විට එය සම්පූර්ණයෙන්ම ඉවර වන්නේ කවදාද යන්න තීරණය කරන්න අමාරුයි,” යැයි ඔහු සඳහන් කළේය.
ජීවන වියදම ඉහළ යමින් තිබුණ ද මහජනතාවට මේ සම්බන්ධයෙන් සහන සැලසීමට දැනට කිසිදු සැලැස්මක් නොමැත.
ණය සම්පූර්ණයෙන්ම පියවන තුරු අධිභාරය ක්‍රියාත්මක විය යුතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart