
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගංවතුරට හසු වී මියගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් කුකුළු මස් පරිභෝජනයේ දී වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරනවා
එහි වැටළීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසන්නේ, ගංවතුර හේතුවෙන් මියගිය කුකුළන් ඇසුරුම් කර අඩු මුදලට මෙම කූඨ ජාවාරම්කාර වෙළඳුන් අලෙවි කරන බව තොරතුරු වාර්තා වී තිබෙන බවයි.
දැනට රුපියල් 1200කට පමණ මුදලකට කුකුල් මස් කිලෝවක් අලෙවි වුවත් මෙම කුකුල් මස් රුපියල් දහසකටත් අඩු මුදලකට අලෙවි වන බව වාර්තා වී ඇති බව ඔහු පවසයි.
මියගිය කුකුළන්ගේ වර්ණය රතු පැහැති වන බවත් සාමාන්‍ය කුකුළු මස් සුදු පැහැයට හුරු බවත්, මේ හේතුවෙන් අපිරිසුදු ජලය සහ අපද්‍රව්‍ය ශරීරගත වී මිය ගිය කුකුළන්ගේ පැහැය රතු පැහැ වී ඇති බව ඔහු පෙන්වාදෙයි.
යම්කිසි පුද්ගලයකු මේ ආකාරයේ මියගිය කුකුළන් අලෙවි කරන්නේ නම් පාරිභෝග කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට හෝ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඇති පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිලි අංශයට පැමිණිලි කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් මේ වනවිට වැටළීම් සහ විමර්ශන ආරම්භ කර ඇති බවද ඔහු කියාසිටියි.
එමෙන්ම ගංවතුරට හසු වූ භාණ්ඩ අඩු මුදලට වට්ටම් සහිතව සහ online ක්‍රමය යටතේ වෙළඳුන් අලෙවි කරන බවත් ඒ සම්බන්ධයෙන්ද සැළකිලිමත් වන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart