June 22, 2025

විල්පත්තුව ඇතුළුව රට පුරා ප්‍රධාන වශයෙන් අලි-මිනිස් ගැටුම් ඇතිවන ස්ථාන 18ක් පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමේ නව කමිටු පිහිටුවීම සහ ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැටවල් පුළුල් කිරීමේ උත්සාහයන් රජය තීව්‍ර කරමින් සිටී.

ජනාධිපති අනුර කුමාර දිසානායක, රජයේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් සමඟ සිකුරාදා (20) පැවති ඉහළ මට්ටමේ රැස්වීමකදී මෙම පියවර සාකච්ඡා කරන ලද අතර, රටේ විශාල අලි ගහනය විසින් එල්ල කරන ලද හදිසි අභියෝග එහිදී ඉස්මතු කරන ලදී.

2023 ජාතික ක්‍රියාකාරී සැලැස්මේ යෝජනාවක් ශක්තිමත් කරමින් විදුලි වැට ඉදිකිරීමට ප්‍රමුඛත්වය දීමට එකඟතාවක් ඇති කර ගැනීම එහි මුලික ප්‍රතිඵලයකි.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පැවසුවේ “විශේෂඥයන්ගෙන් බහුතරයක් විදුලි වැටක් ඉදිකිරීම සමඟ ඉදිරියට යෑමට යෝජනා කළා. මෙය 2023 ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ශක්තිමත් කිරීමක්, නමුත් වැඩිදුර විශේෂඥ තොරතුරු සමඟ අපි තවදුරටත් යාන්ත්‍රණ සකස් කරනවා.”යනුවෙනි.

මෙම මුලපිරීම් සඳහා අරමුදල් සිය යුතුව ඇති බව ඔහු සඳහන් කළේය.

පවතින ජාතික සැලැස්ම මත පදනම් වෙමින්, වත්මන් පරිපාලනය නව උපාය මාර්ග ද ඇතුළත් කරමින් සිටී.

කෙසේවෙතත්, සංරක්ෂණවේදීන් පවසන්නේ විස්තීර්ණ, විද්‍යාත්මක සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද 2023 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පසෙකට දමා තිබීම, ඵලදායී විසඳුම් ප්‍රමාද කිරීමට හේතු විය හැකි බවයි.

පිරිස් හිඟය පියවා ගැනීම සඳහා, රජය අතිරේක නිලධාරීන් බඳවා ගනු ඇති අතර, සිවිල් ආරක්ෂක අංශය අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා කාර්ය මණ්ඩලය දායක කරයි.

වැටවල් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීමට අමතරව, අලි සුභසාධනය, මිනිස් ජනාවාසවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා ආහාර සහ ජල ප්‍රවේශය සඳහා කලාප නිර්මාණය කිරීමෙන් ගැටුම් අවම කිරීම රජය අරමුණු කරයි.

අනුරාධපුර සහ පොළොන්නරුවවැනි තීරණාත්මකව, දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල හමුදා නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත දිස්ත්‍රික් මට්ටමේ කමිටු ඉදිරි මාසය තුළ පිහිටුවනු ලබන්නේ අලි මිනිස් ගැටුම ප්‍රාදේශීයව කළමනාකරණය සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහාය.