
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 දී 3.8% කින් හැකිළීමෙන් පසු 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම අවිනිශ්චිතතාවයෙන් වැසී ඇති බවත්, වර්ධන අපේක්ෂාවන් රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇති ප්‍රගතිය මත බවත් ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව පෙන්වදෙන ආකාරයට ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අඩුම බදු සහිත රටකි.
රජය විසින් මෙහෙයවනු ලබන බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් 2022 මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙයට නව බදු හඳුන්වාදීම, බදු අනුපාත සහ පදනම් සඳහා පුළුල් පරාසයක ගැලපීම් සහ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ අනුකූලතාව වැඩි කිරීමේ අභිප්‍රාය ඇතුළත් වේ.
කෙසේවෙතත් එම පැකේජය සංවර්ධනය කළයුතු බව ලෝක බැංකුව පෙන්වාදෙයි.
බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ආදායම් එකතු කිරීමේ තිරසාර වර්ධනයක් බවට පරිවර්තනය වීම සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාව විසින් බදු පරිපාලන නවීකරණ උපාය මාර්ගයක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart