
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ දැනට ත්‍රිරෝද රථ 1,184,423ක් ලියාපදිංචි වී ඇති අතර, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විද්‍යුත් වාහන ලියාපදිංචි කිරීම සහ භාවිතය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පරිසර හානිය අවම කිරීම සහ වැඩිවන ඉන්ධන කාර්යක්ෂම ත්‍රිරෝද රථ භාවිතය සීමාකිරීමේ අරමුණින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජිතායතනය (UNDP) සමඟ එක්ව විද්‍යුත්කරණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී පාර්ශවකරුවන් දැනුවත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ දී දැනට ඉන්ධන මගින් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ විදුලිය බවට පත් කෙරෙන අතර, අදාළ තාක්ෂණික, මෙහෙයුම් සහ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසා සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart