December 4, 2025

අයහපත් කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක පසුගිය නොවැම්බර් 12 වැනිදා පෞද්ගලික රුපවාහිනී නාලිකාවකදී පළකළ අදහස් හේතුවෙන් මේ වන විට රටේ බරපතල ලෙස දුර්මත ගණනාවක් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම දුර්මත පදනම් කරගනිමින් විපක්ෂය රජයට අභියෝග කරමින් සිටී. මෙම තත්වය හමුවේ කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක ‘දිනමිණ’ පුවත්පතට මෙසේ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇත.

මෙරට මෙකල සාමාන්‍ය කාල­ගු­ණික තත්ත්ව­යෙන්ම කතා­බහ අර­ඹමු?

ඔක්තෝ­බර් සිට නොවැ­ම්බර්, දෙසැ­ම්බර් දක්වාම සාමා­න්‍ය­යෙන් පව­තින්නේ වාර්ෂි­කව දිව­යින අවට අඩු පීඩන කලාප, සුළඟේ කැල­ඹිලි ස්වභා­ව­යන් වර්ධ­නය වන කාල­යක්. අන්තර් මෝසම් කාල­ගුණ තත්ත්ව­යන් මෙකල බහු­ලයි. උදෑ­සන පෑවි­ල්ලත් සවස් වන විට ගිගු­රුම් සහිත වැසි ඇති වීමත් සාමා­න්‍ය­යෙන් මෙකල දක්නට ලැබෙ­නවා. ඒක එහෙම වුණත් බෙංගාල බොක්ක, අරාබි මුහුද ප්‍රදේ­ශ­යන්හි ඇති­වන අඩු පීඩන තත්ත්ව­යන් අනුව එහි වෙන­ස්කම් වන අවස්ථා තිබෙ­නවා.

එහිදී අප ආය­ත­නය දත්ත ගන්නා ක්‍රම හුඟක් තිබෙ­නවා. අපි කරන්නේ පුරෝ­ක­ථ­නය කිරී­මක්. සෙසු ඉදිරි කට­යුතු සඳහා වෙන වෙනම අංශ පිහි­ටුවා තිබෙ­නවා. ඒ අනුව අපි ආපදා කළ­ම­නා­ක­රණ අංශ­ය­ටයි අපේ පෙර දැනු­ම්දීම යවන්නේ. ඒ හරහා අදාළ අනෙක් අංශ­ව­ල­ටත් දැනු­ම්ව­ත්වීම් කර­නවා. ඒ, වාරි­මාර්ග, ධීවර අමා­ත්‍යාංශ ආදි­ය­ටයි. ඒ හැරෙ­න්නට කෙළින්ම ධීවර හා නාවික කට­යු­තු­ව­ලදී කාල­ගු­ණයේ බල­පෑම පිළි­බඳ ජන­මාධ්‍ය හරහා දැනු­ම්දීම් කර­නවා. ඒ අනුව ඉකුත් ව්‍යස­න­යේ­දීත් ධීව­ර­යන්ගේ මරණ වාර්තා වුණේ නැහැ.

ඔබ දෙපාර්තමේන්තුව කාල­ගුණ වාර්තා නිකුත් කෙරෙන ක්‍රම­වේ­දය ගැනත් කිය­මුද?

දින­පතා උදෑ­සන, දහ­වල සහ සවස් කාල­යේදී ඉදිරි කාල­ගු­ණික තත්ත්ව­යන් පිළි­බඳ පෙර දැනු­ම්ව­ත්වීම් කර­නවා. යම් හෙය­කින් අන­තු­රු­දා­යක අව­ස්ථා­ව­ලදී විශේ­ෂ­යෙන් ඒ පිළි­බඳ දැනු­ම්වත් කිරීම් ජන­මාධ්‍ය මඟින් කෙරෙ­නවා.

ඒ වෙනු­වෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ වෙන­මම අනා­වැ­කි­ක­රණ අංශ­යක් තිබෙ­නවා. එය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු, නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු ඇතුළු කාර්ය­ම­ණ්ඩ­ල­ය­කින් සැදුම් ලද්දක්. තරුණ දක්ෂ කණ්ඩා­ය­මක් එහි වෙනවා. එතැ­නට මා දින­පතා උදෑ­ස­නින්ම ගොස් එහි දත්ත ආදිය කෙරෙහි සොයා බල­නවා. එය­ටම මාගේ පෙර අත්දැ­කීම් ආදි­යත් ගළපා ගැනී­මෙන් පුරෝ­ක­ථන කරන්නේ.

ඉකුත් කාල­යේදී ඔබ මාධ්‍ය­යට කළ අනා­වැකි පළකිරී­මක් සමා­ජයේ වැඩි කතා­බ­හ­කට ලක්වුණා?

මම විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය හමාර කළ කාල­යේ­දී­මයි මේ ක්ෂේත්‍ර­යට, ආසා­වෙන්ම ආවේ. මේ විෂ­යය පිළි­බඳ මම පර­තෙ­රට දන්නවා. අනෙක, මේ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා වූ පම­ණින් මා පරි­පා­ලන කට­යුතු කිරීම හැරෙ­න්නට මාගේ දැනු­මෙන් අත්දැ­කී­ම්ව­ලි­නුත් මෙතැ­නට දාය­ක­ත්වය දෙනවා.

මමත් නිද­හස් අධ්‍යා­ප­න­යෙන් ඉගෙ­න­ගෙ­නයි මෙතැ­නට ආවේ. ඒ අනුව ජන­මාධ්‍ය සාක­ච්ඡා­වන්ට ගිය විට­දීත් මාගේ විෂ­ය­යට අදා­ළව දැනුම, අව­බෝ­ධය මුල් කර­ගෙන පුරෝ­ක­ථ­න­යන් කළ හැකියි. කතා­බ­හට ලක්වුණු ඔය කියන අනා­වැ­කි­යත් එහෙම එකක්. අනෙක, ඒක වැර­දු­ණේත් නැහැ.

කාල­ගුණ අනා­වැකි විවේ­ච­න­යට ලක්වන අවස්ථා අපට දක්නට ලැබෙ­නවා?

එහෙම තත්ත්ව­යක් තියෙ­නවා. ඒක වෙනස් කර­න්න­ටයි අපි උත්සාහ දරන්නේ. ඒත් ඒක හරි­යට, කාල­ගුණ වාර්තා­ව­ලින් කියැ­වෙන එකට විරුද්ධ පැත්ත වෙනවා වගේ එකක්නේ. එහිදී බිම් මට්ට­මෙන් ජන­මාධ්‍ය ඇතුළු සමාජ කණ්ඩා­යම් සමඟ ප්‍රායෝ­ගි­කව කට­යුතු කිරී­ම­ටයි නිතර උත්සාහ දරන්නේ. ඒ මිසෙක ආය­තන ප්‍රධා­නියා විදි­යට විත­රක් කට­යුතු කළේ නැහැ. ඊට හොඳ ප්‍රති­චාර ලැබෙ­මින් තිබෙ­නවා. ඝෘණා­ත්මක ආකල්ප ඈත් වෙමින් පව­ති­නවා.

ඒ වගේම කාල­ගුණ අනා­වැ­කි­ව­ලට සවන් දෙන අය කව­දා­වත් අපට බණින්නේ නැහැ. හරි­හැටි අව­බෝ­ධ­යෙන් කාල­ගුණ නිවේ­ද­න­යන්ට සවන් දෙනවා නම්, අව­ධා­නය යොමු කර­නවා නම් ඒකයි වැද­ගත් වෙන්නේ. ඒත් ඒවායේ ඇතැම් කොටස් පම­ණක් අරන් ඇතැ­මුන් කරන අන­තුරු ඇඟ­වීම්, සමාජ මාධ්‍ය ආදියේ ප්‍රසිද්ධ කෙරෙන නිවැ­රදි තොර­තුරු පද­නම් කර නොගත් වාර්තා ආදිය හරහා නිවැ­ර­දිව කාල­ගුණ වාර්තා හරි­හැටි කියවා ගන්නට බැහැ. එහෙම වර­දවා ගත් අය තමයි විවිධ කතා පතු­රු­වන්නේ. ඒත්, ඕනෑම කෙන­කුට ඕනෑම දෙයක් කිය­න්නත් පුළු­වන්නේ. ඒත් ඒවා පද­නම් විර­හිත නම් ප්‍රයෝ­ජ­න­යක් නැහැනේ.

ඔබේ ආය­ත­නයේ නවී­ක­රණ ව්‍යාපෘති ක්‍රියා­ත්ම­කද?

ඔව්. නවීන තාක්ෂ­ණය අපට අත්‍ය­ව­ශ්‍යයි. එහිදී ක්ෂණික වර්ෂා­ප­තන වාර්තා කිරී­මට අදාළ තාක්ෂ­ණික පහ­සු­කම් අතින් පැවැති අඩු­පාඩු නව රජය පත්වී­මෙන් පසුව ඇර­ඹුණා. ඒ යටතේ අපි පුත්ත­ලමේ ඩොප්ලර් රේඩාර් ව්‍යාපෘ­තියේ ඉදි­කි­රීම් ආරම්භ කර තිබෙ­නවා. දැන් එහි කුලුන ඉදි­වෙ­මින් පව­තින්නේ. 2027 වර්ෂයේ ජූලි මස අග වන විට එහි කට­යුතු නිම කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා. ඒ අනුව වලා­කු­ළක් ඉහළ අහසේ පව­තින විට­දීම එහි ඇතු­ළත් ජල­වාෂ්ප ප්‍රමා­ණය ආදිය පිළි­බඳ වඩාත් පැහැ­දිලි දත්ත ලැබිය හැකියි.

එසේම වලා­කුළු පව­තින ස්ථානය පිළි­බඳ පැහැ­දිලි අව­බෝ­ධ­ය­කුත් එයින් ලැබිය හැකියි. එවිට කෙටි­කා­ලීන වර්ෂා­ප­ත­න­යන් පිළි­බඳ දැනට වඩා පැහැ­දිලි දළ ඇස්ත­මේ­න්තු­වක් දිය හැකියි. දැනට අපි වර්ෂා­ප­ත­නය පිළි­බඳ පුරෝ­ක­ථන කරන්නේ ගණිත ආකෘ­තීන් හර­හායි. ඒ හරහා මිලි­මී­ටර් 150 ඉක්ම­වන වර්ෂා­ප­තන මට්ට­මට පැමි­ණිය හැකියි. ඉන් එහාට දැනට අපි පුරෝ­ක­ථ­න­ව­ලට යන්නේ ලැබෙන වැස්සට අනු­වයි. ඒත් වඩාත් නිවැ­රැදි ක්‍රම­වේ­දය එය නොවෙයි. ඩොප්ලර් තාක්ෂ­ණය භාවි­ත­යෙන් අවම වශ­යෙන් පැය එක­හ­මා­ර­කට දෙක­කට කලින් ඒවා කිව හැකි වෙනවා.

අනෙක ලෝක බැංකු ව්‍යාපෘ­ති­යයි. එය සම්පූර්ණ කළ විටදී තව­දු­ර­ටත් අපේ මොඩ­ල­යන්හි නිවැ­රදිභාවය තව­දු­ර­ටත් වැඩි කිරීම අපේ­ක්ෂි­තයි. එවිට දැනට පළාත් වශ­යෙන් නිකුත් කරන කාල­ගුණ වාර්තා දිස්ත්‍රික් මට්ට­මෙන් කීමට හැකි­යාව ලැබෙ­නවා. හැබැයි, ඒ වුණත් 100%ක් නිවැ­රැදි පුරෝ­ක­ථන අපට නිකුත් කළ නොහැ­කියි. ඊට හේතුව මෙරට සම­කා­සන්න රටක් වීමයි. මෙර­ටට නිර­න්ත­ර­යෙන් සූර්යා­ලෝ­කය වැටෙ­නවා. ශක්තිය ජන­නය වෙනවා. එමෙන්ම, ශක්තිය සැණින් වෙනස් වෙනවා. ඊට අම­ත­රව අපිට ඉහ­ළින් ඇත්තේ ඉන්දි­යාව පම­ණයි. ඒ හැරෙ­න්නට අප වටාම ඇත්තේ මුහු­දයි. එහි දත්ත ගැනෙන්නේ චන්ද්‍රිකා හර­හායි. එහි ඇති නිවැ­රැ­දි­තාව සාපේ­ක්ෂව අඩුයි. ඒත් ඉහත සඳ­හන් කළ යෝජිත ව්‍යාපෘති ක්‍රියා­වට නැංවූ විටදී අපට 85 -90% මට්ට­ම­කට ආසන්න නිවැ­ර­දි­තා­ව­කින් යුතුව කෙටි­කා­ලී­නව ඇති වන වැසි තත්ත්ව­යන්ට අදා­ළව අනා­වැකි පළ කිරීමේ හැකි­යාව ලැබෙ­නවා. එවිට දැන­ටත් වඩා ඉහළ ගුණා­ත්මක සේවා­වක් ජන­තා­වට සැල­සී­මට අව­ස්ථාව ලැබෙ­නවා.

ඔබ ආය­ත­න­යට මානව සම්පත ප්‍රමා­ණ­වත්ද?

ඉකුත් කාල­යේදී චක්‍ර­ලේඛ ගණ­නා­වක් ඊට නර­කට බල­පෑවා. ඒ හැරෙ­න්නට අත්දැ­කීම් බහුල නිල­ධා­රීන් විශ්‍රාම යෑමේ ප්‍රව­ණ­තාව අනු­වත් හිඟ­යක් පව­ති­නවා. ඒත් නව රජය අපගේ යෝජනා අනුව කාර්ය මණ්ඩල සම්පූර්ණ කර දෙමින් පව­ති­නවා. ඒත්, ඉක්ම­නින් උපා­ධි­ධා­රි­යකු හෝ උසස් පෙළ සම­ත­කුව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්ය­භා­ර­යට අනු­ගත කර­ගත නොහැ­කියි. අවම වශ­යෙන් දෙව­ස­රක මූලික පුහු­ණු­ව­කින් පසු­වයි අලු­තින් නිල­ධා­රීන් මෙහි රාජ­කාරි සඳහා යෙද­විය හැකි­වෙන්නේ.

විදෙස් පුහු­ණු­වීම් ආදිය වැද­ගත්ද?

අනි­වා­ර්ය­යෙන්ම. ඒක එහෙම වෙන්නම ඕනෑ. කාල­ගු­ණය හා දේශ­ගු­ණය ලෝකයේ සියලු රට­වල් එක්ක සම්බ­න්ධයි. ලෝක කාල­ගුණ විද්‍යා සංවි­ධා­න­යත් සමඟ අප බද්ධ වී සිටි­නවා. අඩු ආදා­ය­ම්ලාභී රට­ව­ලට මේ හා සම්බන්ධ පාඨ­මාලා සහ පුහු­ණු­වීම් එම­ඟින් ගාස්තු රහි­තව ලබා දෙනවා. ඒ කට­යුතු නිර­තු­රු­වම කෙරෙ­නවා.

කලා­පීය වශ­යෙන් ඇති සහ­යෝ­ගය?

උප­රිම සහාය ලැබෙ­නවා. කලා­ප­යක් විදි­යට අපි කාල­ගුණ විද්‍යා­වට සම්බ­න්ධව නව­දි­ල්ලියේ පිහි­ටුවා ඇති මධ්‍ය­ස්ථා­නය ඇතුළු කලා­පීය මධ්‍ය­ස්ථාන සමඟ සම්බ­න්ධයි. ඒ හර­හාත් අප නිර­තු­රු­වම වැසි, සුළඟේ කැල­ඹීම් ආදී කාල­ගු­ණික තත්ත්ව­යන් පිළි­බඳ දැනු­ම්වත් වෙනවා. මේ සෑම අංශ­යක් කෙරෙ­හිම අව­ධා­නය යොමු කර­මි­න්මයි අපි කාල­ගුණ පුරෝ­ක­ථන, අනා­වැකි පළ කරන්නේ.

ඉකුත් ආපදා ගෙනා වැස්ස දෙසට නැවත හැරෙ­මුද? එය ඔබගේ පුරෝ­ක­ථන ඉක්මවා ගියා නේද?

ඒක හරි. කලින් අපට බලපෑ තත්ත්ව­යන් ඇසු­රෙන් ඒ පිළි­බඳ විස්තර කර­නවා නම්, කලින් ඇතිවූ බුරවි සුළි කුණා­ටුව ත්‍රිකු­ණා­ම­ලය සහ මුල­තිව් අත­රින් රට හරහා ගියේ. ඒත් එය එක් රාත්‍රි­ය­කින් මෙරට හැර ගියා. එහිදී දැනු­ම්වත් කිරීම් ඔස්සේ අපට ඊට අඩු හානි සහි­තව මුහුණ දිය හැකි වුණා. ඒත් ඉකුත් දිට්වා සුළි කුණා­ටුව මෙර­ටට ඇතුළු වුණා. ඒත් අපි ඒ හැම අව­ස්ථා­ව­ක­දීම එහි ගමන් මාර්ගය පිළි­බඳ දැනු­ම්වත් කිරීම් කළා. එය මෙරට ඇතුළු වූ පසුව රටින් පිටත පැවැති ඒවාට වඩා වෙනස් වුණා. මෙතෙක් කල් බෙංගාල බොක්ක, අවට පැවැති සුළි කුණාටු ඔස්සේ අපට වක්‍ර බල­පෑම් ඇති වුණේ. ඒත් ඉකුත් සිද්ධිය එහෙම නෙවෙයි. ඒ අනුව වෙන­දාට සාපේ­ක්ෂව වර්ෂා­ප­ත­නයේ අධික ලෙස වැඩි­වී­මක් වුණා. අනෙක, වෙන­දාට වඩා වෙනස් වුණේ වර්ෂා­ප­ත­නය එක තැන­කට නොව, මුළු රට­ටම අධික වැසි වැටී­මයි. ඒ හරහා විශාල ජල­ක­ඳක් ගොඩ­බිම පරා­සය තුළ එක්රැස් වුණා. කෙටි­කා­ලී­නව එය එසේ වන විටදී ආප­දා­වක් බව­ටත් පෙර­ළුණා.

ඒත් මේ දේ ආණ්ඩුව හෝ යම් පිරි­සක් නිසා වූ බවක් කිය­නවා නම් එය පද­නම් විර­හි­තයි. කුමන රටක, කුමන ආණ්ඩුව තිබු­ණත් දරුණු සුළි කුණා­ටු­ව­කින් ඇති කර­වන්නේ විනා­ශ­යක් ඇති කරන්නේ. ඒ අනුව සුළි කුණා­ටු­වක් ඇතුළු වූ විටදී රට තුළ කාල­ගුණ විප­ර්යා­ස­ව­ල­ටයි අපේ රට­ටත් මුහුණ දෙන්න වුණේ.

හැබැයි, ඉක්මන් ප්‍රති­චාර හරහා මෙවැනි තත්ත්ව­ය­කදී වන, ආර්ථික හානි අවම කළ නොහැකි වුණත් ජීවිත හානි අවම කර­ගැ­නීමේ හැකි­යාව රට­කට තියෙ­නවා. අපි කාල­ගුණ පුරෝ­ක­ථන, අනා­වැකි හරහා කරන්නේ දාම­යක් වශ­යෙන්; ඒ වෙනු­වෙන් කට­යුතු කිරී­මේදී අපට පැව­රුණු වැඩ කොටස ඉටු කිරී­මයි.

රට පුරා වැහි මාපක සම­හ­රක් වැඩ නැතැයි සම­හරු චෝදනා කර­නවා?

ඒ අපේ කාර්ය­භා­රය නොද­න්නා­ක­ම­ටයි. අනෙක ඒක ප්‍රාථ­මික මට්ටමේ ප්‍රශ්න­යක්. අහ­සින් වැසි වැටෙ­න්නට කලින්, ඒ වැසි ඇතුළු කාල­ගුණ තත්ත්ව­යන් පිළි­බඳ පුරෝ­ක­ථන, අනා­වැකි ජනතා යහ­පත පිණිස පළ කිරී­මනේ අපි කරන්නේ. හැබැයි, වර්ෂා­ප­ත­න­යක් ඇති වූ විටදී මුලින් කිවුවා වගේ මිලි­මී­ටර් එක­සිය පනහ ආදී මට්ට­ම්ව­ලින් එහාට යන­වාද කියලා මිනුම් ගැනී­මේදී ඒවා භාවිත කර­නවා. ඒ අදාළ වර්ෂා තත්ත්වය ඇද වැටී­මෙන් පසු­වයි. ඒක කාල­ගුණ අනා­වැ­කි­යක් නෙවෙයි. හැබැයි, එයින් ආපදා තත්ත්ව­යන් ඇති­විය හැකි­දැයි දත්ත ගැනෙ­නවා. ඒ මිසක, ගණිත ආකෘති, චන්ද්‍රිකා ආකෘති ආදිය භාවිත කරන විද්‍යා­ත්මක තත්ත්ව­ය­කදී මෙවැනි ප්‍රාථ­මික කරුණු ඉදි­රි­පත් කිරීම මේ විද්‍යා­ත්මක විෂය හෑල්ලු කිරී­මක් වෙන්නේ. මේවා සමා­ජ­යට ඉදි­රි­පත් නොකළ යුතු දේවල් විදි­ය­ටයි පෙන්වා දෙන්න තියෙන්නේ. ඒ වගේ­මයි, අවු­රුදු 19කට කලින් කැඩුණු ගොන්ගල ප්‍රදේ­ශයේ ඩොප්ලර් රේඩාර් එකත් හැම­දාම අධික වැසි තත්ත්ව­ය­කදී අපව විවේ­ච­නය කිරී­මට තවමත් සම­හර ජන­මාධ්‍ය යොදා ගන්නවා. ඒත් අවු­රුදු 19කට කලින් සිද්ධිය ආදිය උස් තැනක තබා කතා කර­නවා වෙනු­වට අලු­තෙන් ඩොප්ලර් පද්ධති පිහි­ටු­ව­මින් යාව­ත්කා­ලීන වන තත්ත්ව­යන් පිළි­බ­ඳත් වාර්තා හරහා දැන­ගැ­නී­ම­ටත් ජන­තා­වට අයි­ති­යක් තිබෙ­නවා.