
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශිෂ්‍ය වීසා 6,000කට වඩා අවලංගු කර ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පවසා තිබේ.
එලෙස වීසා අවලංගු කරන ලද්දේ වීසා කල් ඉකුත් වූ පසු හෝ නීතිය කඩ කිරීමෙන් පසුව එරට රැඳී සිටි නිසා බව එම නිලධාරියා සඳහන් කර ඇත.
එම නීතිමය උල්ලංඝනයන්ගෙන් අති බහුතරයක් පහරදීම් වන අතර, බීමත්ව රිය පැදවීම, සොරකම් කිරීම සහ ‘ත්‍රස්තවාදයට සහාය වීම’ යන සිද්ධීන් ද වාර්තා වී ඇති බව නිලධාරියා සඳහන් කළේය.
ඔහුට අනුව, වීසා 6,000න් ආසන්න වශයෙන් 4,000 ක අවලංගු කරන ලද්දේ වීසා දරන්නන් නීතිය කඩ කළ නිසාය.
ආගමන හා ජාතිකත්ව පනතේ කොටසක් යටතේ එම වීසාවලින් ආසන්න වශයෙන් 200 සිට 300 දක්වා ප්‍රමාණයක් ත්‍රස්තවාදය යැයි කියන චෝදනා එල්ල වී ඇති අතර, එහි සඳහන් වන්නේ ‘ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන්’ විදේශිකයන් එක්සත් ජනපදයට ඇතුළත් කළ නොහැකි බවයි.
පරිපාලන නිලධාරීන් විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ ගාසා තීරයේ යුද්ධයට එරෙහි විරෝධතාවල ක්‍රියාකාරීව සිටින විදෙස් සිසුන් වන අතර, එම සිසුන් යුදෙව් විරෝධී සහ ත්‍රස්තවාදයට සහාය දක්වන බවට චෝදනා එල්ල වී තිබේ.
එක් සිද්ධියක දී, ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරිනියක වන රුමේසා ඔස්ටුර්ක්ගේ වීසා බලපත්‍රය අවලංගු කරන ලද අතර, මාර්තු මාසයේදී ඇයව ෆෙඩරල් නියෝජිතයන් විසින් අල්ලාගෙන රැඳවුම් භාරයට පත් කරන ලදී.
මැයි මාසයේදී විනිසුරුවරයකු ඇයව නිදහස් කිරීමට නියෝග කළේය.
ජුනි මාසයේදී, රාජ්‍ය දෙපාර්තමේන්තුව එහි තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාලවලට පැවසුවේ ‘අපගේ පුරවැසියන්, සංස්කෘතිය, රජය, ආයතන හෝ ආරම්භක මූලධර්ම කෙරෙහි සතුරු ආකල්ප’ සඳහා ශිෂ්‍ය වීසා අයදුම්කරුවන් පරීක්ෂා කළ යුතු බවයි.
පරීක්ෂා කිරීමේ කොටසක් ලෙස ඔවුන්ගේ සමාජ මාධ්‍ය පැතිකඩ ප්‍රසිද්ධියට පත් කරන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, රාජ්‍ය තාන්ත්‍රික කේබල් පනිවිඩයක සඳහන් වූයේ ‘අන්තර්ජාල පැවැත්මට සීමිත ප්‍රවේශයක් හෝ සීමිත දෘශ්‍යතාවක් තිබීම යම් ක්‍රියාකාරකම් මග හැරීමට හෝ සැඟවීමට ගත් උත්සාහයක් ලෙස අර්ථ දැක්විය හැකි’ බවයි.
රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ශිෂ්‍ය වීසා අවලංගු කිරීම පිළිබඳ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති දැඩි ලෙස ආරක්ෂා කරයි.
“ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා ව්‍යවස්ථාපිත අයිතියක් නැහැ. ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යනු අපි ඔබට ලබා දීමට තීරණය කරන දෙයක්,”යනුවෙන් ඔහු අගෝස්තු මස මුලදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, 2024 මූල්‍ය වර්ෂයේදී F1 වීසා ලෙස හඳුන්වන ශිෂ්‍ය වීසා බලපත්‍ර 400,000ක් පමණ නිකුත් කර ඇත.
නව පත්වීම් තාවකාලිකව අත්හිටුවා නව පරීක්ෂා කිරීමේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම වර්ෂයේදී වීසා නිකුත් කිරීමට බොහෝ අඩුවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart