
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් තායිරාජා හස්තියාගේ සුවදුක් බැලීම සඳහා හදිසියේ මහනුවරට ගොස් ඇත.
තායිරාජාද මුතු රාජා හස්තියා මෙන් මෙරටදී යම් යම් තාඩන පීඩනවලට ලක්ව ඇතැයි ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති අවස්ථාවක මෙසේ තානාපතිවරයා මහනුවරට ගොස් තිබේ.
මෙරටදී තාඩන පීඩනවලට ලක්වූ කන්ද විහාරයේ රඳවා සිටි මුතුරාජා හස්තියාව ප්‍රතිකාර සඳහා පසුගියදා තායිලන්තය වෙත ගෙන ගියේය.
තායිලන්තය වෙත ගෙන ගිය මුතුරාජා ඇතාව යළිත් මෙරටට නොදෙන බව තායිලන්ත පරිසර ඇමැති පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ අතර, තායිලන්ත රජු විසින් දළදා මාලිගාවට පුජාකළ තායිරාජා හස්තියාව නැවත තායිලන්තයට ගෙනයෑමට උත්සහ කළහොත්, හස්තියාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පසුගියදා පැවසීය.
ලබාදුන් ත්‍යාගයක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන කාර්යයක් බවද ඔහු පෙන්වාදී තිබේ.
තායි රාජා ලංකාවට ගෙනවිත් අවුරුදු 37ක් වන බවත්, මේ දක්වා ඇතා සුවෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු ‘එන්ජිඕ නඩ’ විසින් තායිලන්තයට සපයන බවත් දැන ගන්නට ඇතැයිද හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart