
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය පවසයි.
ඒ අනුව මධ්‍යහ්න 12:12ට පමණ ශ්‍රී ලංකාවට ආසන්නතම හිරු මුදුන්ව පවතින ප්‍රදේශ වන්නේ බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාම බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි ඇති වනු ඇත.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart