
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආනයනික ලුණු තොගය පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.
වත්මන් ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් පෙරේදා (21) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.
ඒ අනුව, පෞද්ගලික අංශයෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 250 ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2,800 ක් ඇතුළුව ලුණු මෙට්‍රික් ටොන් 3,050 ක තොගයක් මෙරටට පැමිණීමට නියමිතව පැවැතිණි.
කෙසේවෙතත්, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ලුණු තොගය දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව සමාගම ප්‍රකාශ කර ඇත.
ඉන්පසු ලුණු ආනයනය දිගටම සිදුකෙරෙන බව පවසමින්, වෙළඳපොළේ පවතින ලුණු හිඟය සමනය කරන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart