
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන්ගේ පරිභෝජනය සඳහා පාසල් අතර බෙදා හරින ලද නුසුදුසු යැයි කියන සහල් ලබා දුන්නේ රජය විසින් නොව ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා එම සහල් ලෝක ආහාර වැඩසටහන විසින් අතිරේකව ලබාදුන් බවයි.
රජයේ මුදලින් බෙදා හරින ආහාර දරුවන්ගේ පරිභෝජනයට සුදුසු බවට රජය සහතික කරන බවද ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා පළාත් අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත සහල් තොග බෙදා හැරීමෙන් පසුව ද පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සහය ඇතිව නිරන්තර තත්ත්ව පරීක්ෂා කිරීමට උපදෙස් දෙන බව ද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
විවිධ මූලාශ්‍රවලින් ලැබෙන අමතර අරමුදල් සමඟ රජය එක් දරුවෙකු සඳහා රුපියල් 110 ක් වෙන් කරනු ලබන බවත් රජයෙන් ලබාදෙන සහල් තොග ලෝක ආහාර වැඩසටහන මඟින් ලබාදෙන සහල් සමග පටලවා ගත යුතු නැති බවත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart